“පූජනීයත්වයෙන් සැලකූ ආණ්ඩුවක් මේ තත්ත්වයට වැටෙයි කියා හිතුවේ නෑ.” ඇල්ලේ ගුණවංශ හිමියෝ.

0
761
- Advertisement -
Share
4 / 100

පූජනීයත්වයෙන් සැලකූ ආණ්ඩුවක්
මේ තත්ත්වයට වැටෙයි කියා හිතුවේ නෑ.
ඇල්ලේ ගුණවංශ හිමියෝ.


මහා පූජනීයත්වයකින් යුතුව සැලකූ ආණ්ඩුවක් මේ තරම් ඉක්මනට මේ තත්ත්වයට වැටේවි යැයි තමන් නොසිතූ බව, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව උන්වහන්සේගේ අදහස් විමසමින් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩ සටහනකට එක් වෙමින් උන් වහන්සේ මේ බව පැවසී ය.
විසිවන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු ඒමට ඉඩ ලබා දීම, විගණන කොමිෂම අහෝසි කිරීම, අමාත්‍ය මණ්ඩලය සදහා පැවති සීමා ඉවත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් තමන් විරුද්ධ බවද උන්වහන්සේ මෙම වැඩ සටහන තුළ දී පැවසී ය.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍යනම්, ජනාධිපතිතුමා කළා වගේ, ද්විත්ව පුරවැසි භාවය ඉවත් කර ගත යුතු බව යි උන්වහන්සේගේ අදහස වූවේ.
ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී වර්තමානයේ සිටින නායකයා ගැන පමණක් සිතා එය නොකළ යුතු බව ද උන්වහන්සේ අවධාරණය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × two =