“පුළුවන් ඉක්මනින් බිල් ගෙවන්න.” ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලයි.

0
590
- Advertisement -

ඇදිරිනීතිය කි‍්‍රයාත්මක වූ මාර්තු සහ අපේ‍්‍රල් යන මාස තුළ, සාමාන්‍ය ජල පරිභෝජනයට වඩා ඉහළ ජල පරිභෝජනයක් සිදුව තිබුනද, එම, වැඩි වූ පරිභෝජනය වෙනුවෙන් විශේෂ බද්ධක් පාරිභෝගිකයන්ගෙන් අය නොකරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇති බව පැවසේ.

පවතින තත්ත්වය තුළ මාපක කියවන්නන් (මීටර් රීඩර්ස්) පාරිභෝගිකයන්ගේ නිවසට නොපැමිණියද, මාස දෙක තුළ සිදුකර තිබෙන ජල පරිභෝජනය වෙන් වෙන්ව ගණන් බලන බවද මණ්ඩලය පවසයි.

ඒ කෙසේවෙතත්, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය උග‍්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බැවින්, හැකි ඉක්මනින් ජලබිල්පත් ගෙවන ලෙසද, එහි සභාපති, නිශාන්ත රණතුංග මහතා ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 10 =