“පුළුවන්නං වෙනම ඡන්දය ඉල්ලා ප්‍රාදේශීය සභාවක් දිනලා පෙන්නන්න..!” පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණගෙන් විමල්ට අභියෝගයක්..!

0
553
- Advertisement -
Share
13 / 100

“පුළුවන්නං වෙනම ඡන්දය ඉල්ලා
ප්‍රාදේශීය සභාවක් දිනලා පෙන්නන්න..!”
පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණගෙන්
විමල්ට අභියෝගයක්..!

සමාජ මාධ්‍යය තුළ පොහොට්ටු පක්ෂයට පක්ෂපාතීව පෙනී සිටින, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා, සිය ෆේස් බුක් පිටුවේ, අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අදහස් දැක්වීම් රැසක් සිදු කර තිබේ.

මහින්ද පතිරණ මහතා සැලකෙන්නේ, පොහොට්ටු පක්ෂයේ බැසිල් රාජපක්ෂ හිතවාදී කදවුර නියෝජනය කරන්නෙකු ලෙසයි.

විසිවන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට ඇති බාධාව ඉවත් නොකළ යුතුය යන ස්ථාවරයේ විමල් වීරවංශ අමාත්‍යවරයා දැඩිව එල්බගෙන සිටියි. ද්විත්ව පුරවැසියන්ට ඇති බාධාව ඉවත් කිරීමට යෝජනා කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමට ඉඩ ලබා දීමට යයි මතයක් තිබේ.

මේ තත්ත්වය තුළ බැසිල් පාර්ශ්වය සහ බැසිල් විරෝධී පාර්ශ්වය අතර ගැටුමක් නිර්මාණය වී ඇති අතර, ආචාර්ය මහින්ද පතිරණ විමල් විරෝධී සටහන් සිය ෆේස් බුක් පිටුවේ පළ කරන්නේ මේ හේතුව නිසා යැයි අනුමාන කළ හැකි ය.

ආචාර්ය මහින්ද පතිරණ, ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබා ඇති විමල් විරෝධී සටහන් කිහිපයක් පහත අපි උපුටා දක්වන්නෙමු. එසේ කරන්නේ, දේශපාලන ඕපාදූප කතා කිරීමේ අභිලාශයෙන් නොව, යෝජිත විසිවන සංශෝධනය සමග ලාංකීය දේශපාලනය ධ්‍රැවීකරණය වන ආකාරය තේරුම් ගැනීමේ පහසුව සදහා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 4 =