“පුහුණුව හෝ දීමනාව ලබා දීමට රජයට අවසර ලබා දෙන්න.” රාජ්‍ය සේවයට බදවාගත් උපාධිදාරීන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිති.

0
279
- Advertisement -
Share

මැතිවරණය මුවවිටේ තිබියදී, රජය උපාධීදාරීන් 45,000 කට වඩා පිරිසක් එක්වර රාජ්‍ය සේවයට බදවාගත් අතර, ඔවුන් වෙනුවෙන් පුහුණුවක් ද සූදානම් කර තිබුණි.

කෙසේ වෙතත්, ඒ වන විටත් මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර තිබුණු බැවින්, අදාල පුහුණුව ලබා දීම මැතිවරණය අවසන් වන තෙක් අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම රජයට නියෝග කළේ ය.

බදවාගත් උපාධිදාරීන් වෙත රුපියල් විසිදහසක මාසික දීමනාවක් ලබා දීමට රජය පොරොන්දු වී තිබුණු අතර, මැතිවරණ කොමිසම මගින් එම දීමනාව ලබා දීමද අත්හිට වූ බව වාර්තා විය.

මෙසේ පත්වීම් ලැබූ උපාධිදාරීන්, රාජ්‍ය සේවයේ පත්වීම් ලැබීමට පෙර වෙනත් රැුකියාවන්හි නිරතව සිටි පිරිසකි. ඔවුන් රාජ්‍යසේවයේ රැුකියා බලාපොරොත්තුවෙන් ඒ වන විටත් නිරතව සිටි එම රැුකියාවන්ගෙන් ඉවත්වී තිබුණි.

මේ සියළු තත්ත්වයන් යටතේ, ඔවුන් මේ වන විට අතිශය දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බව සමස්ත ලංකා උපාධිදාරීන්ගේ එකමුතුව පවසයි.

පොරොන්දු වූ විසි දහසේ දීමනාව හෝ ලබා දීමට නියමිතව තිබෙන පුහුණුව හෝ තමන්ට ලබා දීමට, රජයට අවසර ලබා දෙන ලෙස ඔවුන් මැතිවරණ කොමිසම් සභාවෙන් ඉල්ලා සිටියි.

දේශපාලන පක්ෂ නායකයන් සමග තමන් මුහුණ දී සිටින මෙම ප‍්‍රශ්නය සාකච්ඡුාවට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සමස්ත ලංකා උපාධිදාරීන්ගේ එකමුතුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four − one =