පුත්තලමේ යතුරු පැදි පෙළපාලියේ – අධිබල යතුරු පැදියක ගැටී තරුණ අඹුසැමි යුවල රෝහලේ.

0
681
- Advertisement -

පුත්තලමේ යතුරු පැදි පෙළපාලියේ – අධිබල යතුරු පැදියක ගැටී
තරුණ අඹුසැමි යුවල රෝහලේ.

යතුරුපැදිවල නැගී අනාරක්ෂිත ලෙස – පුත්තලම ප්‍රදේශයේ – මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන දේශාපලනඥයෙකු පිළිබදව පසුගිය දිනවල වාර්තා විය. එම දේශපාලනඥයා සම්බන්ධ වූ යතුරුපැදි රැළියකට සහභාගී වීම සදහා යමින් සිටි යතුරු පැදියක ගැටී තරුණ අඹුසැමි යුවලක් රෝහල්ගත කර ඇති බවට වාර්තා වේ. තරුණ යුවල හප්පා දැමූ යතුරු පැදිය, මෙරට තුළ ලියාපදිංචිය තහනම් කර තිබෙන අධිබල ධාරිතාවෙන් යුතු යතුරු පැදියක් බව පැවසේ.

අනතුරෙන් බරපතල ලෙස තුවාල ලබා සිටින එම යුවලේ තරුණයා, මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. ඔවුන් දෙදෙනා පසුගිය ජනවාරි මාසයේ දී යුග දිවියට එළැඹුණ තරුණ අඹුසැමි යුවලකි.

අනතුර සිදු වූ සැනින් අදාල යුවළ මාරවිල රෝහලට ඇතුලත් කර තිබෙන අතර, හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආධාරකරුවන් රෝහලට පැමිණ සිටි බවත්, අනතුරට මුහුණ දුන් තරුණ යුවලගේ ඥාතීන්ට රෝහලට ඇතුළු වීමට අවසර නොදී ඇති බවත් පැවසේ.