පුටින් සහ සී ජින්පිං ජෝ බයිඩ්න්ට සුබ පැතීම මග හරියි.

0
410
- Advertisement -

පුටින් සහ සී ජින්පිං
ජෝ බයිඩ්න්ට සුබ පැතීම මග හරියි.


ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඞ්න් ජය ගන්නා බව තහවුරු වීමත් සමග, ලෝක නායකයන් රැුසක් ඔහුට සුබ පැතුම් එක් කර තිබුණි. ඒ නායකයන් අතර, ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිටියේ ය.

ඊට අමතරව, කැනඩාව, ජර්මනිය, ප‍්‍රංශය, නවසීලන්තය ඇතුළු රටවල් රැුසක නායකයන් ජෝ බයිඞ්න්ට සුබ පැතුම් එක් කළේ ය.

ඒ නමුත්, රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් සහ චීන ජනාධිපති සී ජින්පිං, උතුරු කොරියානු නායක කිම් ජොං උං ඇතුළු නායකයන් රැුසක් ම මෙතෙක් ජෝ බයිඞ්න් වෙත සුබ පැතුම් එක්කර නැති බව වාර්තා වේ.

ඔවුන් අතර, ඊශ‍්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යානු ද සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 − 2 =