පුටින්ගේ ප්‍රතිවාදියා සැකසහිත ලෙස විෂ ශරීරගත වී රෝහල්ගත කරයි.

0
253
- Advertisement -
Share

පුටින්ගේ ප්‍රතිවාදියා
සැකසහිත ලෙස විෂ ශරීරගත වී
රෝහල්ගත කරයි.


රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පූටින්ගේ ප්‍රබල විවේචකයෙකු වන, ඇලෙක්සි නවාල්නී, විෂ ශරීර ගත වීමක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඇලෙක්සි නවාල්නී, ජනාධිපති පූටින්ගේ ප්‍රබල විවේකයෙකු මෙන්ම විපක්ෂයේ ජනප්‍රිය දේශපාලන නායකයෙකු බවට පැවසේ.

ජනාධිපති පූටින් ඔහුගේ ධූර කාලය දීර්ග කර ගැනීම සදහා සිදු කළ ව්‍යවස්ථා සංශෝධනය, ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව පවසමින් පුටින් පාලනය දැඩිව විවේචනය කරන ලද්දේ ද මෙම දේශපාලඥයා විසිනි.

ගුවන් ගමනක් අතර තුරේ දි මෙම විෂ ශරීරගත වීම සිදුව ඇති බව පැවසේ.
ඔහුගේ තත්ත්වය බරපතල වන බවයි විදෙස් පුවත් වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =