පී.සී.ආර්. පරීක්ෂණ අඩු කිරීම හානිදායකයි.

0
468
- Advertisement -
Share

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වීම අඩුවීමේ ප‍්‍රවණතාවක් පෙන්නුම් කළහොත්, ඉදිරියේ දී , දිනකට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරන බව, පසුගිය දා සෞඛ්‍ය බලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබුණි.

සෞඛ්‍ය බලධාරීන්ගේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන්, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, සිය විරෝධය පළ කර තිබේ.

කවර තත්ත්වයක් යටතේ වුවත්, දිනකට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩු කිරීම හානිදායක බවයි ඔවුන් පවසන්නේ.

වෛරසය ආසාදනය වූ රෝගීන් හමු වීම අඩු වුවත්, අහඹුලෙස තෝරා ගනු ලබන පුද්ගලයන් පී.සි.ආර් පරීක්ෂණයට ලක් කිරීම තවත් කාලයක් ගතවන තුරු අඛණ්ඩව සිදු කළ යුතු බව ඔවුන් පවසයි.

රට යළි විවෘත කළද, පී.සී.ආර්. පරීක්ෂණ දිගටම සිදු කළ යුතු බවත්, සමාජය තුළින් ආසාදිතයන් පොකුරු මතුවීම වළක්වා ගත හැක්කේ ඉන් පමණක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය නවීන්ද සොයියා, දිනපතා ඉංග‍්‍රීසි පුවත්පතකට පවසා තිබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 9 =