“පී.බී කියන්නේ බොරු. රජයේ සේවකයන්ට වැටුප් නොගෙව්වා කියා රුපියල් බිලියන 100 ඉතිරි කර ගන්න බෑ.”

0
466
- Advertisement -
Share

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සදහා, රජය මසකට රුපියල් බිලියන 100 ක මුදලක් වැය කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, ඔහුගේ ආන්දෝලනාත්මක ලිපියේ සදහන් කර තිබෙන නමුත්, රාජ්‍ය සේවයේ වැටුප් සහ දීමනා ලබා දීම වෙනුවෙන් රජයට වැය වන්නේ රුපියල් බිලියන 54 කට ආසන්න මුදලක් පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මෙම මුදල් ප‍්‍රමාණයෙන් වැඩි මුදලක් වැය වන්නේ ති‍්‍රවිධ හමුදාවේ සහ පොලීසියේ වැටුප් ගෙවීමට බව පවසන හිටපු මන්ත‍්‍රීවරයා, කොරෝනා වසංගතයට එරෙහිව ඉදිරි බල ඇණිය ලෙස කි‍්‍රයා කරන ඔවුන්ගේ වැටුප් අත්හිටුවීම සදාචාරසම්පන්නදැයි විමසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + five =