පීබී ගේ ඉල්ලීම අනුව මහජන උපයෝගීතා කොමිසම අහෝසි කළොත් ආසියානු සංවර්ධන බැංකුව ණය දීම අත්හිටුවනු ඇත.
මහජන උපයෝගීතා කොමිසම අහෝසි කොට, එහි කාර්ය මණ්ඩල වෙනත් ආයතන වෙත අනුයුක්ත කරන ලෙස ඉල්ලා සිටිමින්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ අත්සනින් යුතුව, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බව පෙරේදා දිනයේ දී වාර්තා විය.
මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී, ආචාර්ය හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කිරීමට උත්සාහ කළ ද කතානායක සහ සභානායක විසින් එය වළක්වන ලදී.
කෙසේ වෙතත්, මහජන උපයෝගීතා කොමිසම අහෝසි කළහොත්, ලංකාවේ බලශක්ති ක්ෂේත්රය සංවර්ධනය කිරීම සදහා, ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන ණය ආධාර නොලැබී යාමේ අවදානමක් ඇති බව අද වෙළද පොලට නිකුත්ව තිබෙන රාවය පුවත්පත වාර්තා කරයි.
මහජන උපයෝගීතා කොමිසම 2009 වසරේ දී පිහිටුවන ලදී.
ලංකාවේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් වන ලෙස, විදුලිය මිල පාලනය කිරීම සිදු කරනු ලබන්නේ මහජන උපයෝගීතා කොමිසම මගිනි.