පීඩනය දරා ගත නොහැකි වූ පොලිස් නිළධාරියා පොලීසියේ ම හතර දෙනෙක් ඝාතනය කරයි.

0
284
- Advertisement -

ප‍්‍රංශයේ පැරිස් නුවර නොට‍්‍රඩෑම් දේවස්ථානය ආසන්නයේ පිහිටා තිබෙන පොලිස් මූලස්ථානයේ සේවය කරන පොලිස් නිළධාරියෙකු විසින්, පිහියෙන් ඇන, තවත් පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු ඝාතනය කර තිබේ.

ඝාතකයා, තවත් පිරිස් ගොදුරු කර ගැනීමට පෙර, පොලිස් නිළධාරියෙකු විසින් වෙඩි තබා ඔහුව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ප‍්‍රංශ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන්ගෙන් පහළ පොලිස් නිළධාරීන් වෙත දැඩි පීඩනයක් එල්ල වන බවත්, පීඩාවට පත් වූ එවැනි එක් පොලිස් නිළධාරියෙකු විසින් මෙම ඝාතනයන් සිදු කර තිබෙන බවත් පැවසේ.

මෙම පීඩනය කොතරම් දරුණු එකක්ද කිවහොත්, මේ වසරේ මේ වන විට, පොලිස් නිළධාරීන් පනස් දෙනෙකුට [50] වඩා වැඩි පිරිසක් සියදිවිනසාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 9 =