පිලිපීන ජනාධිපති දුතාර්තේ බලයට පත් වූ පසු නීතීඥයන් 61 දෙනෙක් මරා දැමෙති..!

0
236
- Advertisement -

පිලිපීන ජනාධිපති දුතාර්තේ බලයට පත් වූ පසු
නීතීඥයන් 61 දෙනෙක් මරා දැමෙති..!


පිලිපීන ජනාධිපති රොද්රිගෝ දුතාර්තාගේ පාලනය යටතේ, අවම වශයෙන් නීතීඥයන් 61 දෙනකුම මරා දමා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මෙසේ මරා දමා ඇති නීතීඥයන්ගෙන් බහුතරය, මානව අයිතිවාසිකම්, ගොවියන්ගේ ඉඩම් අයිතිය සහ පරිසරවේදීන් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි අය බව මානවහිමිකම් සංවිධාන පවසයි.

බොහෝ විට, මෙම නීතීඥයන්ට රජය පාර්ශ්වයෙන් එල්ල කර තිබෙන චෝදනාව වන්නේ ඔවුන් වාමාංශිකයන් බවයි.

පිලිපීනය තුළ සන්නද්ධ වාමාංශික කණ්ඩායම් ක්‍රියාත්මක වන අතර, ඔවුන් මරා දමන ලෙසට ජනාධිපති දුතාර්තේ එරට හමුදාවන්ට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 1 =