පැරෂුට් පුහුණුවීම් අතරතුර හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට

0
635
- Advertisement -

අද (20) අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා නිලධාරියෙක් පැරෂුටය ක්‍රියාත්මක නොවීමෙන් ඇද වැටී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා පුහුණු පාසලේ බළයලත් නිලධාරියෙක්. ඔහු කඹුරුපිටියේ පදිංචි 42 හැවිරිදි චම්පික කුමාරසිංහ නමැති නිලධාරියෙක්.