පැය හතරකට පසු හිටපු අගමැති රනිල් කොමිසමෙන් පිටව යයි.
පාස්කු ප්රහාරහ සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ පැය හතරකට ආසන්න කාලයක ප්රකාශයක් ලබා දුන් හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා, මේ වන විට එම කොමිසමෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද අද දිනයේ කොමිසම හමුවට කැදවා තිබුණි.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන්, මීට පෙර දිනයක දී, කොමිසම පැය නමයක් ප්රශ්න කර තිබුණි.