පැතිරෙන පුවත් අසත්‍යයයි. රෝහල ආරක්ෂිතයි..! ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂකතුමා පවසයි.

0
365
- Advertisement -

පැතිරෙන පුවත් අසත්‍යයයි.
රෝහල ආරක්ෂිතයි..!
ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂකතුමා පවසයි.

ජයවර්ධනපුර රෝහලේ එක් ශල්‍යාගාරයක සේවය කරන සියළු කාර්ය මණ්ඩලය කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී තිබියදීත්, අදාල ශල්‍යාගාරය මුද්‍රා නොතබා දිගටව විවෘතව පවත්වාගෙන යන බවට ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයක් ම වාර්තා කර තිබුණි.

ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගෙන් අප කළ විමසීමකදී,ඒ මහතා පවසා සිටියේ,ආසාදිත බවට තහවුරු වූ සෞඛ්‍ය සේවා කාර්යාල මණ්ඩල සාමාජිකයන් මේ වන විටත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි.

එමෙන්ම නිසි ලෙස විෂබීජහරණයට ලක් කිරීමෙන් පසුව අදාල ශල්‍යාගාරය,ශල්‍යකර්ම සදහා යළි විවෘත කර තිබෙන බව ද ඔහු පැවසීය.

හදිසි සැත්කම් සිදු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් විශාල රෝගීන් පිරිසක් රැදී සිටින බැවින්, විද්‍යාත්මක හේතුවකින් තොරව ශල්‍යාගාරයක් වසා තැබීම තේරුමක් නැති දෙයක් බවද වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + ten =