පාස්කු ප‍්‍රහාරය පිළිබදව සාක්ෂි ලබා දීමට කාදිනල් හිමිපාණෝ ජනාධිපති විමර්ෂණ කොමිසමට..!

0
557
- Advertisement -

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබදව සොයා බැලීම ස`දහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත් විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සදහා අද පස්වරු දෙකට, අගරදගුරු මැල්කම් රන්ජිත් කාඩිනල් හිමිපාණන් කැදවා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
නොවැම්බර් මාසයේ 23 වන දා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැල්කම් රන්ජිත් කාඩිනල් හිමිපාණන් බැහැ දැක තිබුණු අතර, පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන බවට එතුමා කාඩිනල් තුමාට පොරොන්දු වී තිබුණි.

පසුගිය රජය පාස්කු ප‍්‍රහාරය පිළිබදව කරන ලද විමර්ෂණ සම්බන්ධයෙන් තමන් වහන්සේට පැහැදීමක් නැති බව මීට පෙර කාදිනල් හිමිපාණන් විසින් ප‍්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 13 =