පාස්කු ප‍්‍රහාරය දා ටාජ් සමුද්‍රා හෝටලයේ සිටි ප‍්‍රභූවරයා කවුද..?

0
581
- Advertisement -
Share

පාස්කු ප‍්‍රහාරය දා ප‍්‍රධාන හෝටල් කිහිපයකම බෝම්බ පිපිරී ගොස්, ටාජ් සමූද්‍රා හෝටලයේ බෝම්බය පමණක් පිපිරී නොගියේ ඇයි කියා සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කීප අවස්ථාවකදීම මාධ්‍ය හමුවේ කියා සිටියේ ය. ඒ සෑම අවස්ථාවකදීම මන්ත‍්‍රීවරයා, කියන්නට උත්සාහ කළේ, කිසියම් ප‍්‍රභූවරයෙකු අදාල හෝටලයේ සිටි නිසා, ප‍්‍රහාරකයා බෝම්බ ප‍්‍රහාරය එල්ල නොකළ බවකි. ඒ බව සඳහන් කරමින් ”ද අයිලන්ඞ්” පුවත්පත ප‍්‍රවෘත්තියක්ද වාර්තා කර තිබුණි. පුවත්පත සදහන් කර තිබුණේ; ”කිසියම් ප‍්‍රභූවරයෙකු හෝ ප‍්‍රභූන් පිරිසක් අදාල හෝටලයේ සිටි නිසා, බෝම්බ කරු බෝම්බය පුපුරුවා නොගත් බව දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා සදහන් කර බවයි. ” දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා ”ද අයිලන්ඞ්” පුවත්පතේ අදාල වාර්තාව ප‍්‍රතික්ෂේප කර තිබුණේ ද නැත. කෙසේ වෙතත්, අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට පැමිණි මන්ත‍්‍රීවරයා මෙම කාරණය පිළිබදව නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =