පාස්කු ප‍්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණ කාදිනල් තුමාගේ කණස්සල්ලට හේතු වී ඇත්තේ ඇයි.?

0
859
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව, අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ පසුගිය සතියේ ද ප‍්‍රකාශ කර තිබුණි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සදහා ජනාධිපති කොමිසමක් පත් කර තිබියදීත් කාදිනල් හිමිපාණෝ, දිගින් දිගටම, විමර්ෂණ පිළිබදව උන්වහන්සේට සතුටු විය නොහැකි බව පවසන්නේ ඇයි…?


දැනගන්නට තිබෙන පරිදි ප‍්‍රහාරයට වගකිව යුත්තේ ඉහළම දේශපාලන අධිකාරියයි.

හිටපු ආරක්ෂක ලේකම්, හේමසිරි ප‍්‍රනාන්දු මහතා, ප‍්‍රහාරය පිළිබදව එවකට සිටි ඉහළම දේශපාලන අධිකාරියටත් තවත් වගකිව යුතු බොහෝ දෙනෙකුටත් ප‍්‍රහාරය පිළිබදව කල් තියා දැනුවත් කර තිබේ. නමුත් ඔවුන් ප‍්‍රහාරය වැළැක්වීම සදහා කිසිදු පියවරක් ගෙන නැත.

මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්, හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ඉදිරි සතියේ දී සිදු කිරිමට නියමිත බව වාර්තා වේ.

ඇතැම්විට, හිටපු ආරක්ෂක ලේකම් වරයා දන්නා තොරතුරු, කාදිනල් හිමිපාණන් ද දැනගෙන සිටිනවා විය හැකි ය. ප‍්‍රහාරයේ සැබෑ වගකිව යුත්තන් මග හරිමින්, විමර්ෂණ කටයුතු අදුරේ අතපත ගෑමක් බවට පත්ව තිබෙන හැටි උන්වහන්සේගේ කණස්සල්ලට හේතු වී ඇතැයි සිතිය හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 1 =