“පාස්කු ප‍්‍රහාරයට හෝ මාවනැල්ලේ බුද්ධ ප‍්‍රතිමා බිදීමට අසාද් සාලී සම්බන්ධ බවට කරුණු නෑ.” රජයේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දෙයි.

0
152
- Advertisement -

“පාස්කු ප‍්‍රහාරයට හෝ
මාවනැල්ලේ බුද්ධ ප‍්‍රතිමා බිදීමට
අසාද් සාලී සම්බන්ධ බවට කරුණු නෑ.”
රජයේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දෙයි.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි වෙත කොළඹ මහාධිකරණය අද අධිචෝදනා බාර දුන්නේ ය.
ඒ, 2021 වසරේ මාර්තු 09 වන දා, මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙනි.

එම මාධ්‍ය හමුවේ දී ඔහු විසින් සිදුකරන ලද ප‍්‍රකාශ ජනප‍්‍රජාවන් අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට හේතුවන බව පවසමින් ඔහු අත් අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගැනීම සිද්ධ වූවේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය.

අසාද් සාලි අත් අඩංගුවට ගැනීමෙන් පසුව, අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේ, පාස්කු ප‍්‍රහාරයට ඔහු සම්බන්ධ බවට සැක කෙරෙන සිදුවීම් මත එම අත් අඩංගුවට ගැනීමට සිදු වූ බවයි.

කෙසේ වෙතත්, මාවනැල්ලේ බුද්ධ ප‍්‍රතිමා බිදීමට හෝ පාස්කු ප‍්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට ප‍්‍රශ්න කිරීම්වලින් හෙළි වී නැති බව රජයේ නීතීඥයා අධිකරණයට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 9 =