“පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සියළු දෙනා අත් අඩංගුවට ගෙන ඉවරයි.”- අමාත්‍ය සරත් වීරසේකර “අත් අඩංගුවට ගත් පිරිස අතර රිෂාද් හෝ ඔහුගේ සහෝදරයාත් සිටිනවා ද..?” විපක්ෂය අසයි.

0
453
- Advertisement -
Share
4 / 100

“පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සියළු දෙනා
අත් අඩංගුවට ගෙන ඉවරයි.” අමාත්‍ය සරත් වීරසේකර –
“අත් අඩංගුවට ගත් පිරිස අතර රිෂාද් හෝ ඔහුගේ සහෝදරයාත් සිටිනවා ද..?” විපක්ෂය අසයි.

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සියළු පුද්ගලයන් මේ වන විට අත් අඩංගුවට ගෙන අවසන් බව, අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුව හමුවේ පවසා සිටියේ ය.

අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 260 කට ආසන්න වේ. අත් අඩංගුවට ගත් පිරිස් අතර, නව රජය බලයට පත් වීමෙන් පසුව අත් අඩංගුවට ගත් අය සිටීද යනුවෙන්, නිරෝෂන් පෙරේරා මන්ත‍්‍රීවරයා විමසා සිටි අතර, ඊට සරත් වීරසේකර අමාත්‍යවරයා සෘජු පිළිතුරක් ලබා දුන්නේ නැත.

අත් අඩංගුවට ගත් පිරිස අතර, රිෂාද් බදියුදීන් හෝ ඔහුගේ සහෝදරයා සිටීදැයි විපක්ෂයේ මන්ත‍්‍රීවරු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

අත් අඩංගුවට ගත් පිරිසට එරෙහිව නීතිය කි‍්‍රයාත්ම කිරීමේ දී – තවත් අය අත් අඩංගුවට පත්වනු ඇතැයි අමාත්‍යවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + 18 =