පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බව කියා අත් අඩංගුවට ගත් නීතීඥ හිස්බුල්ලා වෙනුවෙන්, අන්තර්ජාතික නීතීඥ සංගමයෙන් ඉල්ලීමක්.

0
592
- Advertisement -

ශ්‍රී ලංකාවේ නීතිඥයකු වන නිජාස් හිස්බුල්ලා සම්බන්ධ නීති කෘත්‍යයේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස අන්තර්ජාතික නීතිඥ සංගමයේ මානව හිමිකම් ආයතනය මෙරට අධිකරණ ඇමැතිවරයා වෙත විවෘත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. 2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා කරමින් නීතිඥ නිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගනු ලැබුවේ 2020 අප්‍රේල් 14 වැනිදාය.

අදාළ ලිපියේ මෙසේද සඳහන් වේ. ‘හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට හේතුව අපැහැදිලි අතර ඔහුව 2020 අප්‍රේල් 25 තෙක් රඳවා තබාගැනීම සඳහා රැඳවුම් නියෝගයක් ලබාගෙන නැත. එසේම මහෙස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කිරීමක්ද සිදුකර නැත. එසේම 2020 අප්‍රේල් 15-16 සහ 28 යන දිනවලදී කෙටි හමුවීම් කිහිපයකට පමණක් අවසර ලබාදීමෙන් අනතුරුව ඔහුට නීති උපදේශනය සඳහා ප්‍රවේශය අහිමි වී තිබේ.’

පාස්කු ඉරිදා ප්‍රහාරය, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ විමර්ශන ක්‍රියාදාමය පිළිබඳව මෙහිදී ශ්‍රී ලංකා රජය පැහැදිලිව විමර්ශනය කළ යුතු අතර ඒ සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. එසේම නීතිඥ හිස්බුල්ලා රඳවා තබාගැනීමේ කටයුත්තේදී නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කර නිතිපතා නීති උපදෙස් ලබාගැනීමේ ප්‍රවේශයක් ලබාගැනීමට ඉඩ දෙන ලෙසත් නීතිඥ වෘත්තියේ වරප්‍රසාදවලට ගෞරව කරන ලෙසත් එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

•නයන තරංග ගමගේ @arunaEpaper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 3 =