පාස්කු ප‍්‍රහාරයට දින දහසයි. ජනවාරි 14 වන දා විශේෂ දේව මෙහෙයක්.

0
74
- Advertisement -

පාස්කු ප‍්‍රහාරයට දින දහසයි.
ජනවාරි 14 වන දා විශේෂ දේව මෙහෙයක්.


එළැඹෙන සිකුරාදා දිනය වන විට පාස්කු ප‍්‍රහාරය සිද්ධ වී දින දහසක් සම්පූර්ණ වෙයි.
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ විමර්ෂණ නිසි පරිදි සිදුවන බව රජය පාර්ශ්වයෙන් ප‍්‍රකාශ වුනද, පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් සහ කතෝලික සභාව විශ්වාස කරන්නේ ඔවුන්ට යුක්තිය ඉටු නොවන බවයි.

පාස්කු ප‍්‍රහාරයට දින දහසක් සම්පූර්ණ වන එළැඹෙන 14 වන දා විශේෂ දේව මෙහෙයක් පවත්වන බව කොළඹ අගරදගුරු මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක, ජූඞ් කි‍්‍රශාන්ත පියතුමා පවසයි.

විශේෂ දේව මෙහෙය, ජනවාරි 14 වන දා, සිකුරාදා පෙරවරු 10.00 ට අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ දී පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + one =