“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහස්‍ය වර්තාවක්, කාදිනල්තුමා හරහා සී.අයි.ඩී යට භාර දීලා. වාර්තාවට අනුව, ප්‍රහාරයේ වගකීම මෛත්‍රීට සහ රනිල්ට.” රාවය පුවත්පත කියයි.

0
869
- Advertisement -
Share

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහස්‍ය වර්තාවක්, කාදිනල්තුමා හරහා සී.අයි.ඩී යට භාර දීලා. වාර්තාවට අනුව, ප්‍රහාරයේ වගකීම මෛත්‍රීට සහ රනිල්ට.” රාවය පුවත්පත කියයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ රහස්‍ය වාර්තාවක් අගරදගුරු මැල්කම් රංජිත්හි මියන්ගේ මැදිහත්වීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහට භාරදී ඇත.

පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම
එවකට පැවති ආණ්ඩුවේ දේශපාලනඥයින්, ආරක්ෂක
අමාත්‍යාංශයේ නිලධාරීන් පොලිස්පතිවරයා මෙන්ම තවත්
පොලිස් නිලධාරීන් රැසක් වගකිවයුතු බවත් ඔවුන් එසේ
වගකිවයුතුවන්නේ කෙසේද යන්න ගැනත් තොරතුරු
ඇතුළත් මෙම වාර්තාව සකස් කර භාරදී ඇත්තේ ඉෂාන්
ජයවර්ධන නමැත්තෙකි.

රාවය ඉෂාන් ජයවර්ධනගෙන් මේ ගැන විමසූ විට ඔහු
පැවසුවේ තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු මෙන්ම
පොලිසියේ ඇතැම් නිලධාරීන් සහ දේශපාලනඥයන්ගේ
තොරතුරු ඇතුළත් වාර්තාවක් බිෂොප් මන්දිරයේදී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති නුවන් වෙදසිංහට භාර දුන් බවය.

තවදුරටත් ඔහු පැවසුවේ මේ සවිස්තර වාර්තාව
ගැන කාදිනල් හිමියන්ට දැන්වූ පසු එක්තරා දිනයකදී
තමා අගරදගුරු කාර්යාලයට ගිය බවත් එහිදී කාදිනල්
හිමිපාණන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ
නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහට දුරකතනයෙන්
කතා කර කාර්යාලයට කැඳවූ බවය. අනතුරුව පෙරවරු 9ට
පමණ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැමිණි බවත් ඔහු සමග
ලිපියේ අඩංගු තොරතුරු පිළිබඳව පස්වරු තුන පමණ වන
තෙක් කතා කළ බවද පැවසුවේය.

වැඩිදුරටත් රාවයට තොරතුරු දක්වමින් ඉෂාන්
ජයවර්ධන පැවසුවේ පාස්කු ප්‍රහාරයට අමතරව
දේශපාලනඥයන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ දූෂණ
වංචා පිළිබඳවද තමා දුන් තොරතුරු වාර්තාවේ කරුණු
තිබූ බවය. එසේම පිටු 38ක ලිපියට අමතරව තවත් පිටු
හයක ලිපියක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැවූ
බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් අගරදගුරු හිමියන්ගේ පෞද්ගලික
ලේකම් ඩෙනිල්ටන් අබේසිංහ පියතුමාගෙන් ඇසූ විට
පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අගරදගුරු මැදුරට පැමිණි නමුත් ලිපියක් භාර දුන් බව නොදන්නා බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
නුවන් වෙදසිංහගෙන් අගරදගුරු හිමියන් භාර දුන් පිටු 38ක ලිපිය
සම්බන්ධයෙන් කුමක් කරන්නේදැයි විමසූ විට මොන ලිපියක්දැයි පවසමින්
දුරකතනය විසන්ධි කළේය. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + 16 =