පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ෂණය කරන ජනාධිපති කොමිසම
කෙහෙළිය රඹුක්වැල්ල, දිළුම් අමුණුගම ඇතුළු 08 දෙනෙකුට සිතාසි යවයි.
පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කිරීමට පත් කර තිබෙන ජනාධිපති කොමිසම, තවත් දේශපාලනඥයන් අට දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
අදාල දේශපාලඥයන් අට දෙනාට, කොමිසම මගින් අද දිනයේ දී සිතාසි නිකුත් කර තිබේ.
ඒ අනුව, පහත නම් සදහන් දේශපාලඥයන් කොමිසම හමුවට කැදවීමට නියමිත ය.
සුනිල් හදුන්නෙත්ති.
අකිල විරාජ් කාරියවසම්.
ආශු මාරසිංහ.
රංජිත් මද්දුමබණ්ඩාර.
මංගල සමරවීර.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්.
කෙහෙලිය රඹුක්වැල්ල.
දිළුම් අමුණුගම.