“පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහරාන් නොවේ.
මාධ්‍ය නැති තැනක මං ඒ ගැන හෙළිකරන්නම්..!”
කොමිසම හමුමේ සාක්කි දෙමින් හකීම් කියයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු සහරාන් නොවන බව, මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වගකීම ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සහ එහි නායක සහරාන් වෙත පැවරුවද, සහරාන් සහ තවුහිද් ජමාත් සංවිධානය යනු වෙනත් පිරිසකගේ බළල් අතක් පමණක් බව , පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින්, රාවුම් හකීම් පැවසී ය.
පාස්කු ප්‍රහාරය සැලසුම් කළ මහමොළකරුවන්ගේ අවශ්‍යතාවය වූවේ රට අස්ථාවර කිරීම බප පැවසූ රාවුෆ් හකීම්, මේ වන විට, ඔවුන් එම ඉලක්කය සම්පූර්ණකරගෙන ඇති බවද පැවසී ය.
පාස්කු ප්‍රාහරයේ මහමොළකරු සහරාන් නොවන්නේ නම්, ප්‍රහාරයේ සැබෑ සැලසුම් කරුවන් කවුරුන්දැයි හෙළි දරව් කරන්න යැයි කොමිසම රාවුෆ් හකීම්ගෙන් ඉල්ලා සිටි අතර, මාධ්‍ය නොමැතිව තමන්ට එය කළ හැකි බව රාවුෆ් හකීම් පැවසී ය.