පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ කඩිනම් කරන ක‍්‍රමවේදය ජනපති කියයි, ඇත්ත දැනගන්න අවශ්‍යයි අගරදගුරු තුමාගෙන් ප්‍රකාශයක්

0
100
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කඩිනම් කළ යුතු බවට නිරන්තරයෙන් නැගෙන හඬ ගැන පැහැදිලි කළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ එය කඩිනම් කරන්න නම් පාර්ලිමේන්තු පනතක් මගින් අදාළ වගඋත්තරකරුවන්ගේ අයිතිවාසිකම් අහෝසි කළ හැකි බවයි.

පරීක්‍ෂණ කඩිනම් කරන පවසන පාර්ශවයන් ඉල්ලා සිටින්නේ එය නම් එය තමුන්ට කළ හැකි බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය 2/3 බලය තමුන්ට පාර්ලිමේන්තුව තුළ තිබෙන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ නිසා එක එක දේවල් ඉල්ලා සිටීමේදී ප්‍රවේසමෙන් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

මෙහිදි තව දුරටත් කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ කොමිසම පත් කළේ පසුගිය ආණ්ඩුව බවයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය, මෙම ප්‍රහාරයේ වගකීම භාරගත යුතු බව පත් කළ ජනාධිපති කොමිසම විසින් පැහැදිලිවම සඳහන් කර තිබේ.

මෙම සියලූ වාර්තා නීතිපතිවරයාට, පාර්ලිමේන්තුවට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිටත් යවා ඇත.ඒ අනුව අදාළ නීතිමය පටිපාටිය ක්‍රමවත්ව කෙරෙන බවත්, ඒ සඳහා ආණ්ඩුව මැදිහත් වන්නට අවශ්‍ය නොවන බවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතරේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ පවසා ඇත්තේ තමුන්ට අවශ්‍ය වන්නේ ඇත්ත දැනගැනීමට බවයි.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ පවා කි‍්‍රයාත්මක කරන්නට බලධාරින් කටයුතු නොකරන බවට එහිදී උන්වහන්සේ අවධාරණය කර තිබේ.

තමුන්ට පළිගැනීමට කිසිසේත්ම අවශ්‍ය නොවන බව පෙන්වා දුන් අගරදගුරුතුමා පවසා සිටියේ සිදුවීමේ සැබෑ සත්‍යය සොයාගන්නට තමුන් වහන්සේ කළ හැකි සියල්ලක්ම කරන බවය.

පාස්කු ප‍්‍රහාරය පිටුපස, මතුපිටින් පෙනෙනවාට වඩා විශාල සැලසුමක් ඇතැයි තමන් විශ්වාස කරන බව මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ පවසති.

එදා ප‍්‍රහාරය ගැන දැන සිටි සහ යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වූ අය දැන් කිසිවක් නොදන්නා අය මෙන් හැසිරෙන බවත් එම කාරණය නිසාම එම පුද්ගලයන් මෙම ප‍්‍රහාරයට වගකිව යුතුදැයි සැක පළවන බවද උන්වහන්සේ පවසා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 1 =