“පාස්කු ප්‍රහාරයට මගේ සම්බන්ධයක් නෑ..!” ඕස්ටේ්‍රලියානු මහාචාර්යවරයෙක් ශ්‍රී ලංකා බළධාරීන්ට එරෙහිව නඩු දමයි..!

0
320
- Advertisement -

“පාස්කු ප්‍රහාරයට මගේ සම්බන්ධයක් නෑ..!”
ඕස්ටේ්‍රලියානු මහාචාර්යවරයෙක්
ශ්‍රී ලංකා බළධාරීන්ට එරෙහිව නඩු දමයි..!

පාස්කු ප්‍රහාරයට තමන් සම්බන්ධ බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන්, ඕස්ටේ්‍රලියානු මහාචාර්යවරයෙකු, ශ්‍රී ලංකාවේ අදාල බළධාරීන්ට එරෙහිව අපහාස නඩුවක් ගොනු කිරීමට සූදානම් වන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ත්‍රස්තවාදියෙකු වූ සහරාන් හෂීම් නම් තැනැත්තාට, මාලදිවයිනේ දී, ආගමික අන්තවාදීන් සිව් දෙනෙකු හමුවීමට අදාල මහාචාර්යවරයා සහ ඔහුගේ පුත් කටයුතු සම්පාදනය කර දී ඇති බව, මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.

ලුක්මන් තාලිබ් නම් එම මහාචාර්වරයා, අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ චෝදනාව එක හෙලා ප්‍රතික්ෂේප කර සිටියි. ඊට අමතරව,තමන්ට කරන ලද අපහාසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන්ට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කර තිබේ.

මහජන සෞඛ්‍ය පිළිබද මහාචාර්යවරයෙකු ලෙසත්, විද්‍යාත්මක පර්යේෂකයෙකු ලෙසත්, තමන්, මුළු ජීවිතයම ගෙවා ඇත්තේ මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට බව මහාචාර්ය ලුක්මන් තාලිබ් මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =