පාස්කු ප්‍රහාරයට අත් අඩංගුවට ගත් සිව් දෙනෙක් නිදහස් කරයි.

0
1269
- Advertisement -
Share

පාස්කු ප්‍රහාරයට අත් අඩංගුවට ගත්
සිව් දෙනෙක් නිදහස් කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිට අත් අඩංගුවට ගෙන, අපරාධ පරීක්ණෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරුවන් සිව් දෙනෙකු මුදා හරින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.

මෙම සැකකරුවන් සිව් දෙනා – ඩුබායි හී රැදී සිටිය දී, එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන, පසුගිය ජනවාරි මාසයේ දී මෙරටට භාර දී තිබුණි.

සැකකරුවන් තමන්ගේ භාරයට ගෙන තිබුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඔවුන් සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසුව, අදාල පුද්ගලයන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ නැති බව තහවුරු කරගෙන තිබේ.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමිය අදාල සැකකරුවන් මුදාහැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 1 =