පාස්කු ප්‍රහාරකයන්ට සමාව දීමට සූදානම්..! කාදිනල් හිමියෝ පවසති.

0
2352
- Advertisement -

පාස්කු ප්‍රහාරකයන්ට සමාව දීමට සූදානම්..!
කාදිනල් හිමියෝ පවසති.


වසර දෙකකට පෙර දී පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ට සමාව දීමට කතෝලික ප්‍රජාව සූදානම් බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ පවසයි.

ඊයේ, කොළඹ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබේ.

කෙසේ වෙතත්, අනාගතයේ මෙවැනි ප්‍රහාර සිදුවීම වැළැක්වීම සදහා නව නීති පනවන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියි.

ක්‍රිස්තියානු ඉගැන්වීමට අනුව කිසිවෙකුට වෛර නොකළ හැකි බවත්, තමන් කුරුසියේ ඇණ ගැසූවන්ට පවා, යේසුස්වහන්සේ සමාව දුන් බවත් කාදිනල් හිමියෝ පවසති.

ඒ කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද කියා සොයා බැලීමත්, කිසියම් ජාත්‍යන්තර සංවිධානයක් ඒ පිටුපස සිටින්නේ ද යන්න දැන ගැනීම වැදගත් බවත් උන්වහන්සේ පවසා තිබේ..





LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − fifteen =