පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සදහා පත් කළ විශේෂ කමිටුව අද රැස් වේ.

0
475
- Advertisement -

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සදහා පත් කළ විශේෂ කමිටුව අද රැස් වේ.

පාස්කු අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත්කළ ඇමැතිවරුන්ගෙන් සමන්විත විශේෂ පංච පුද්ගල කමිටුව අද (22 වැනිදා) පළමු වරට රැස්වීමට නියමිතය. මෙම කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ නීතිඥ හරිගුප්තා රෝහණධීර ප්‍රකාශ කරන ආකාරයට මෙම පළමු රැස්වීම අද (22 වැනිදා) පස්වරු 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙනු ඇත.

එම ඇමැති කමිටුව හමුවට පාස්කු කොමිසම් වාර්තාවේ සිංහල පිටපත මෙතෙක් ලැබී නැති අතර පළමු රැස්වීම් වාරයට පෙර එම පිටපත ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉංග්‍රීසි පිටපතේ යම් ගැටලුවක් උද්ගත වුවහොත් සිංහල පිටපතේ අන්තර්ගත කරුණු මත පදනම් විය යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර තිබීම එලෙස අධ්‍යයන කටයුතු සඳහා සිංහල පිටපත අනිවාර්ය වීමට හේතුව වී ඇත. ඒ අනුව සිංහල සහ ඉංග්‍රීසි පිටපත් සංසන්දනය කර අදාළ නිර්දේශයන් පිළිබඳව අධ්‍යයනය කරන බවද නීති අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

මෙම ඇමැති කමිටුව ඇමැති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුක්ත වන අතර උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරුන් ඊට ඇතුළත් වෙති.

credit at – aruna e paper.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 19 =