පාස්කු කොමිසමේ අවසන් වාර්තාව; ඥාණසාර හිමිට අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කරයි. ද මෝර්නිං පුවත්පත.

0
1511
- Advertisement -

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව;
ඥාණසාර හිමිට අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කරයි.
– ද මෝර්නිං පුවත්පත.

පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණය සදහා පත් කළ ජනාධිපති කොමිසම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ද අපරාධ චෝදනා ගොනු කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි, ද මෝර්නිං පුවත්පත වාර්තා කර තිබේ.

උන්වහන්සේට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ යුතු බවට නිර්දේශ කර ඇත්තේ, අළුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල මුස්ලිම් විරෝධී ගැටුම් නිර්මාණය කිරීම සදහා මැදිහත් ව ඇති බවට චෝදනා කරමිනි.

වාර්ගික ගැටුම් නිර්මාණය කිරීමට සහ රට තුළ නොසන්සුන් තාවයක් ඇති කිරීමට කටයුතු කළ සංවිධාන සහ පුද්ගලයන් හදුනා ගැනීමට කොමිසමට ලබා දී තිබුණු බලය යටතේ ඥාණසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ යුතු බවට වූ නිර්දේශය ලබා දී ඇති බව පුවත්පත වාර්තා කරයි.

ද මෝර්නිං පුවත්පතට අදාල ප්‍රවෘත්තිය සපයා ඇති ලේඛිකාව, ඥාණසාර හිමි අමතා ඒ පිළිබදව විමසා ඇති අතර, උන්වහන්සේ පවසා ඇත්තේ, තමාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර ඇතැයි ඔහු නො දන්නා බවයි. එමෙන් ම, කොමිසම එවැනි නිර්දේශයක් ලබා දී ඇත්නම්, තමාට කළ හැක්කේ සිනාසීම පමණක් බවද උන්වහන්සේ පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 1 =