“පාසල් දියණිවරුන්ට සනීපාරක්ෂක තුවා ලබා දීම ගැන තවමත් තීරණයක් ගෙන නෑ..!” අධ්‍යාපන ඇමති කියයි.

0
240
- Advertisement -

“පාසල් දියණිවරුන්ට සනීපාරක්ෂක තුවා ලබා දීම ගැන තවමත් තීරණයක් ගෙන නෑ..!”
අධ්‍යාපන ඇමති කියයි.


හය ශ්‍රේණියෙන් ඉහළ පාසල් දැරියන් සදහා, රජය නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා දීමට සැලසුම් කර තිබෙන බව, පසුගියදා වාර්තා විය.

කෙසේ වෙතත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් රජය අවසන් තීරණයක් ගෙන නැතැයි, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසා තිබේ.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගලගෙදර ආසන බල මණ්ඩල රැුස්වීමට සහභාගී වීමෙන් පසුව, අමාත්‍යවරයා ඒ බව පැවසූවේ යැයි, අද අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

අරුණ පුවත්පත ඒ සම්බන්ධයෙන් පළ කර තිබෙන සම්පූර්ණ වාර්තාව පහත පළ වේ.

සනීපාරක්ෂක තුවා ගැන තීරණයක් නැහැ

•කමල් සුරවීර – මහනුවර

පාසල්වල හයවන ශ්‍රේණියේ සිට ඉහළ පන්තිවල අධ්‍යාපනය ලබන සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීම සම්බන්ධව සාකච්ඡාවට බඳුන්ව තිබුණත් ඒ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් කීය. පසුගිය ජනපතිවරණ සමයේ වත්මන් විපක්ෂ නායකවරයා මෙය සමාජගත කරන්නට උත්සහ කළ ආකාරය පිළිබඳ සම්බන්ධව ගැටලු පැවැති බවත් ඉතා සංවේදී ‍කාරණයක් වන මෙය මෙරට සංස්කෘතියට අනුව ඉදිරිපත් කළ යුතු පිළිවෙළක් තිබෙන බවත් ඔහු පැවැසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගලගෙදර ආසන බල මණ්ඩල රැස්වීමට පෙරේදා (03දා) සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සනීපාරක්ෂක තුවා ලබාදීම පිළිබඳ ඉල්ලීම් ඇතැම් පාසල්වලින් තිබෙන බවත් එය සැලකිල්ලට භාජනය කර සාකච්ඡා කරන බවත් ඔහු කීය.