පාසල් දරුවෙකුටත් කොරෝනා. තවත් පාසල් දරුවන් 90 ක් නිරෝදායනයේ.

0
2121
- Advertisement -
Share

පාසල් දරුවෙකුටත් කොරෝනා.
තවත් පාසල් දරුවන් 90 ක් නිරෝදායනයේ.

මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු පාසල් දරුවා ඊයේ දිනයේ දී හමු වී තිබුණි.

අදාල දරුවා, රාජාංගනයේ යාය පහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ඔහුගේ පියා, කන්දකාඩු පුනරුත්තාපන කදවුරේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අයෙක් වන අතර, මුලින්ම වෛරසය ආසාදනය වී ඇත්තේ එම තැනැත්තාටයි. ඔහුගෙන්, ඔහුගේ පුතා වන මෙම පාසල් දරුවාට වෛරසය ආසාදනය වී තිබේ.

වෛරසය ආසාදනය වූ දරුවා, මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අයෙකි.

රාජාංගනය ප්‍රදේශයේ පාසල් දරුවන් 90 ක් පමණ නිරෝදායනයට යොමු කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 5 =