පාසලට දරුවන් බදවා ගන්නා තෙක් පියවරු දෙදෙනෙක් සහ තවත් දෙමාපියන් පිරිසක් උපවාසයක.

0
505
- Advertisement -

වීරකැටිය රාජපක්ෂ ප්‍රථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් දහහතර දෙනෙකු ඇතුලත් කර නොගන්නා බව කියමින් එයට විරෝධය දක්වමින් දරුවන්ගේ පියවරු දෙදෙනෙක් අද (6) වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය අසල ප්‍රධාන මාර්ගයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

වීරකැටිය රාජපක්ෂ ප්‍රථමික විද්‍යාලයට දරුවන් දහහතර දෙනෙකු ඇතුලත් කර නොගන්නා බව කියමින් පසුගිය 3 සහ 5 යන දෙදින මවුපියවරු සහ කුඩා දරුවන් පිරිසක් විරෝධතාවයක නිරතවූ නමුත් ඉන් නිසි විසඳුමක් නොලැබීම මෙම මරාන්තික උපවාසයට හේතුව බව වාර්තා වනවා.

විද්‍යාලය අසල ප්‍රධන මාර්ගයේ අට්ටාලයක් ගසාගෙන එය තුල රැඳී සිටිමින් මාරාන්තික උපවාසයේ නිරතවන පියවරු දෙදෙනාට සහය පල කරමින් තවමත් පාසලක් නොමැති දරුවන් දාහතර සහ එම දරුවන්ගේ මවුපියවරු පිරිසක්ද ඒ අසල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + nine =