පාවහන් ආනයනයට පනවා තිබුණු තහනම ඉවත් කරයි. අළුත් දේශීය නිෂ්පාදකයා අමාරුවේ.

0
604
- Advertisement -
Share

පාවහන් ආනයනයට පනවා තිබුණු තහනම ඉවත් කරයි.
අළුත් දේශීය නිෂ්පාදකයා අමාරුවේ.

අරුණ පුවත්පතෙනි.

•නයන තරංග ගමගේ

පාවහන් සහ ඒ ආශ්‍රිත කොටස් ආනයනයට පනවා තිබූ තාවකාලික තහනම රජය විසින් ඉවත් කිරීමත් සමගම ශ්‍රී ලංකාවේ පාවහන් නිෂ්පාදකයන් බරපතළ අර්බුදයකට පත්ව ඇතැයි වාර්තා වේ.

කොවිඩ් 19 වසංගතය හමුවේ ආර්ථිකයට සිදුවන හානිය සහ රටින් මුදල් පිටතට යෑම වැළැක්වීමේ අරමුණෙන් රජය 2020 මැයි 21 වැනිදා අදාළ රෙගුලාසි නිකුත් කළ අතර මෙමගින් දේශීය පාවහන් නිෂ්පාදකයන් ධෛර්යමත් කිරීමද අපේක්ෂා කළේය.

රජයේ මෙම තීරණයත් සමග දේශීය පාවහන් නිෂ්පාදකයෝ නව යන්ත්‍ර සූත්‍ර මිලදී ගනිමින් රටේ පාවහන් අවශ්‍යතාව සැපිරීම සඳහා අතිරේක නිෂ්පාදන කටයුතු වෙනුවෙන් සූදානම් වූහ. ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන සංගමය පවසන්නේ කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු විසින් පාවහන් උප​​දේශක සභාව සමග මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තීරණ රැසක් ගත් බවයි.

රජයද මැදිහත්ව දේශීය පාවහන් නිෂ්පාදකයන්ට නව බලාපොරොත්තු ඇති කර ඔවුන් නව ආයෝජනද සිදුකිරීමෙන් පසු 2020 ජූලි 16 වැනිදා 2020 අංක 9 දරන නව චක්‍රලේඛයක් නිකුත් කරමින් පාවහන් ආනයනය තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය පියවරගෙන ඇතැයි පාවහන් නිෂ්පාදකයෝ කනස්සල්ල පළකරති.

එම සංගමය පෙන්වා දෙන්නේ රජයේ මෙම නව පියවරත් සමග දැන් ඕනෑම පුද්ගලයකුට පාවහන් උපාංග පමණක් නොව නිමි පාවහන්ද ආනයනය කිරීමේ නිදහස ලැබී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × five =