පාර්ලිමේන්තු සභාවට අගමැතිගෙන් ඩග්ලස් දේවානන්ද. විපක්ෂ නායකගෙන් කබීර් හෂීම්.

0
295
- Advertisement -

පාර්ලිමේන්තු සභාවට
අගමැතිගෙන් ඩග්ලස් දේවානන්ද.
විපක්ෂ නායකගෙන් කබීර් හෂීම්.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කර තිබෙන පාර්ලිමේන්තු සභාව අද දිනයේ දී රැස්වීමට නියමිත ය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කර තිබුණු ව්‍යවස්ථාදායක සභාව වෙනුවට, විසිවන සංශෝධනය යටතේ මම පාර්ලිමේන්තු සභාව හදුන්වා දෙනු ලැබී ය.
පාර්ලිමේන්තු සභාව අද රැුස්වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරු පත් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට ය.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු සභාවට කළ හැක්කේ ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම පමණි. එම නිර්දේශ පිළි ගැනීමට ජනාධිපතිවරයා බැදී නොසිටියි.

පාර්ලිමේන්තු සභාව, සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විතය.
කතානායකවරයා එහි සභාපතිවරයා වේ. අගමැති, විපක්ෂ නායක, අගමැතිගේ නියෝජිතයෙක් සහ විපක්ෂ නායකගේ නියෝජිතයෙක් වශයෙන් එයි සංයුතුය සකස් වේ.

පාර්ලිමේන්තු සභාව සදහා අගමැතිගේ නියෝජිත ලෙස ඊ.පී.ඞී.පී සංවිධානයේ ඩග්ලස් දේවානන්ද මහතා පත්කර ඇති අතර, විපක්ෂනායකවරයාගේ නියෝජිතයා වශයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කබීර් හෂිම් පත් කර තිබේ.

කොමිෂන් සභා සදහා නියෝජිතයන් නම් කිරීම සිදුකරනු ලබන්නේ ද පාර්ලිමේන්තු සභාව විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =