පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව, ජනපතිගේ විවේචනයට

0
119
- Advertisement -

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව තමා කිසිසේත්ම නොපිළිගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29) පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

මෙය දේශපාලන වශයෙන් ඉදිරිපත් කරන කද ද්වේෂ සහගත ලියැවිල්ලක් බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව ඊයේ (29) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

තේරීම් කාරක සභා වාර්තාව දැඩි සේ විවේචනය කර ඇති ජනාධිපතිවරයා එය කැබිනට් මණ්ඩලය අනුමත කළ ලියැවිල්ලක් ලෙස නොසලකන ලෙස දැනුම් දී ඇත. එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ පමණක් සඳහන් කරන ලෙස ප්‍රකාශ කර ඇති ජනාධිපති සිරිසේන මහතා මෙය රට නොමග යනව ලියැවිල්ලක් බවට ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 7 =