පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලා ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්.

0
85
- Advertisement -
Share

පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලා
ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්.

මරණ දඩුවම ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන්, රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදී, මනාප ඡන්ද ලක්ෂයකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබා ගැනීමට ඔහු සමත් විය. කෙසේ වෙතත්, මරණ දඩුවම ලැබූ පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට නීතියෙන් අවසර නැති බව ව්‍යවස්ථාවෙන් දැක් වේ. ඒ හේතුව මත මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට ඔහුට නොහැකිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමටත්, සැසිවාර සදහා සහභාගීවීමටත් අවසර ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර විසින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 5 =