පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිද වැටීමේ භයානක පෙරනිමිත්තක්..!

0
897
- Advertisement -

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අත් අඩංගුවට ගැනීමට පෙර, ඒ පිළිබදව කතානායකවරයා දැනුම්වත් කිරීමේ සම්ප‍්‍රදායක් ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

තමන් කතානායක ධුරය භාරගත් දිනයේ පටන් එම සම්ප‍්‍රදාය රැකීමට උත්සාහ කළ බවත්, යහපාලන රජය යටතේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවලදී, තමන් මැදිහත් වී, මන්ත‍්‍රී වරප‍්‍රසාද රැකෙන ලෙස නීතිය කි‍්‍රයාත්මක වීමට ඉඩ ලබා දීමට තමා කටයුතු කළ බවද කතානායකවරයා පවසයි.

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා අත් අඩංගුවට ගැනීමට පෙර තමන් දැනුවත් නොකළ බව පවසන කතානායකවරයා, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිද වැටීමේ භයානක පෙරනිමිති පහළව ඇති බව අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 11 =