පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව බලය පෙන්වයි. නීතිපතිවත් කැදවයි…!

0
921
- Advertisement -


ආරක්ෂක අංශය හා සම්බන්ධ දැනට සේවයේ නියුතු කිසිදු නිළධාරියෙකු, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නොයවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ප‍්‍රකාශ කර සිටියේ ය. ජනාධිපතිවරයාගේ එකී ප‍්‍රකාශයෙන් පසුව, නීතිපති දප්පුලද ලිවේරා විසින්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නොයන ලෙස රාජ්‍ය බුද්ධි අංශයේ නිළධාරීන් දැනුවත් කර තිබේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් කැදවන්නේ නම්, ඕනෑම රාජ්‍ය නිළධාරියෙකු ඒ ඉදිරියේ පෙනී සිටිය යුතු ය. ඒ අනුව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් කරන ලද කැදවීමක් නීතිපතිවරයා විසින් වළක්වා ඇත්තේ කෙසේද යන්න පිළිබදව විමසීම සඳහා, පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් නීතිපතිවරයා කැදවීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =