පාම් ඔයිල් ආනයන තහනම ඉවතට.?

0
493
- Advertisement -

පාම් ඔයිල් ආනයන තහනම ඉවතට.?


පිරිපහදු කළ සහ ගුණාත්මක බවෙන් ඉහළ පාම් ඔයිල් ආනයනය කිරීම සදහා අවසර ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට ශී‍්‍ර ලංකා රජය තීරණය කිරීමෙන් පසුව ඉන්දුනීසියානු තානාපතිවරයා සහ මැලේසියානු මහකොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් සිය විරෝධය වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත යොමු කර තිබුණි.

පාම් ඔයිල් ආනයනය තහනම් කිරීම, ලෝක වෙළද සංවිධාන එකගතාවයන් උල්ලංඝණය කිරීමක් බව ඔවුන් දෙදෙනා විසින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ප‍්‍රකාශ කර තිබුණි.

මේ තත්ත්වය මත, පිරිපහදු කල, ගුණාත්මක බවෙන් ඉහල පාම් ඔයිල් ආනයන කිරීට අවසර ලබා දීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

ඉන්දුනීසියාවෙන් සහ මැලේසියාවෙන් වසරකට පාම් ඔයිල් ටොන් ලක්ෂ දෙකකට ආසන්න ප‍්‍රමාණයක් මෙරටට ගෙන්වන බව වාර්තා වේ.

daily mirror පුවත්පත ඇසුරෙනි.