පාපුවරුව කඩා වැටී කොන්දොස්තර හා මගියෙක් මරුට

0
772
- Advertisement -

පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී බස් රථයක් වංගුවක තිබු කොන්ක්‍රීට් කණුවක වැදීමෙන් පාපුවරුව කඩා වැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

වංගු සහිත ස්ථානයකදී වම්පස ඉවුරේ තිබු කොන්ක්‍රීට් කණුවක බස් රථයේ ඉදිරිපස කොටස වැදී ඇති අතර එහිදී බසයේ සහායකයා සහ පදික වෙළෙන්දෙකු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගොස් ඇත්තේ සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කොන්දොස්තරවරයා සහ මහනුවර නගරයේ පදික වෙළඳාමේ නිරතවන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.

කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී බස් රථය අනතුරට ලක්වී ඇති අතර එහි රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය දෙදෙනාගේ සිරුරු මාවනැල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මාවනැල්ල පොලිසියයි විමර්ශණ සිදු කරයි.