පාන්දර ගෙදරකට පනින්න ගිය විග්නේෂ්වරම්ට වැඩ වරදි.

0
533
- Advertisement -
Share

පාන්දර ජාමේ නිවෙසකට ‍රිංගා භාණ්ඩ සොරාගෙන යාමට උත්සහ කළ බව කියන සැකකරුවෙකු 07 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කර ඇත.

සුබ්‍රමනියම් විග්නේෂ්වරම් නැමැත්තෙකු මෙලෙස රිමාන්ඩ් කර ඇත.

පල්ලේවෙල පනාවලන්දේ නිවසක පාන්දර කාලයේ හොර රහසේ ඇතුළු වී භාණ්ඩ සොරාගෙන යාමට උත්සහයක් ගත් අවස්ථාවේදි නිවැසියන් අවදිවීමත් සමග සොරා පැන දුවා ඇති බව අධිකරණයේදි අනාවරණය විය.

මේ පිළිබදව පල්ලෙවෙල පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × four =