පාතාලය හා ජාවාරම් කරුවන් සමග සබදතා පැවැත් වූ බන්ධනාගාර නිළධාරීන් 21 ක් මාරු කරයි.

0
122
- Advertisement -
Share

පාතාලය හා ජාවාරම් කරුවන් සමග සබදතා පැවැත් වූ
බන්ධනාගාර නිළධාරීන් 21 ක් මාරු කරයි.

බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ සම්බන්ධතා පවත්වගනිමින්, ඔවුන්ගෙන් වාසි ප්‍රයෝජන ලබාගත් බන්ධනාගාර නිළධාරීන් 21 දෙනෙකු, වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇති බව, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල් දෙණිය මහතා පවසයි.

මාරුකර යවා ඇති බන්ධනාගාර නිළධාරීන් අතර, බූස්ස බන්ධනාගාරයේ දහ දෙනෙක්, මීගමුව බන්ධනාගාරයේ නම දෙනෙකු සහ වාරියපොළ සහ දුම්බර බන්ධනාගාරවලින් එක් අයෙකු බැගින් සිටිති.

පසුගිය දිනෙක වාර්තා වූ, සිය විවාහ මංගලෝත්සවය සදහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගෙන් විස්කු බෝතල් 100 ක් ලබා ගත් බවට චෝදනා ලැබූ ජේලර්වරයාද මාරුකර යවා ඇති පිරිසට අයත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + 18 =