පාතාලය සමඟ සබදතා පැවැත් වූ මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ඉහළ අණකින් නවතී.

0
130
- Advertisement -
Share

පාතාලය සමඟ සබදතා පැවැත් වූ මාධ්‍යවේදීන් දෙදෙනා
අත්අඩංගුවට ගැනීම ඉහළ අණකින් නවතී.

පාතාලය සමග සමීප සබදතා පවත්වා ඇති බවට තහවුරු වී තිබෙන පුවත්පත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ සූදානමින් සිට ඇතත්, ඉහළ බලපෑමක් මත එම අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවා ඇති බව සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා කරයි.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනා සේවය කරන මාධ්‍ය ආයතනයේ හිමිකරු සෘජුව මැදිහත් වී ඔවුන් බේරා ගැනීම සදහා කටයුතු කරමින් සිටින බව පැවසේ.

පාතාල නායකයන් සමග දුරකථනයෙන් කතාබහ කිරීම, බන්ධනාගාරගත පාතාල සාමාජිකයන් හමුවීමට යාම සහ එම පාතාල නායකයන්ට මරණ තර්ජන ඇති බවට වාර්තා පළ කරමින් ඔවුන්ගෙන් මුදල් ලබා ගැනීම යන චෝදනා මෙම මාධ්‍ය වේදීන් දෙදෙනාට එල්ල වී තිබේ.

හෝමාගම,පිටිපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනි අවි ගබඩාවක ගිනි අවි ප්‍රවාහනය කිරීම සදහා ආධාර අනුබල දීමේ චෝදනාව මත මව්බිම පුවත්පතේ මාධ්‍යවේදියෙකු පසුගිය අගෝස්තු මාසයේ 17 වන දා අත් අඩංගුවට ගත් අතර, ඔහුගේ ගිනුමට අදාල කාර්යය වෙනුවෙන් ලක්ෂ දෙක හමාරක මුදලක් බැරවී ඇති බව වාර්තා විය. ඔහු පිළිබදව වැඩිදුර විමර්ෂණය කිරීමේ දී ඉහත සදහන් කරන ලද මාධ්‍යවේදීන් දෙදෙනා පිළිබදවද කරුණු හෙළි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 − 1 =