පාඨලීගේ රියැදුරට සහ
වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිට අධි චෝදනා.
නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කර බරපතල අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු සහ, එවකට වැලිකඩ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, සුදත් අස්මඩල යන අයට එරෙහිව අධිචෝදනා භාර දී තිබේ.
නඩුව අද දිනයේ කොළඹ මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ දී මෙසේ අධිචෝදනා භාර දීම සිදු විය.
පසුව රුපියල් ලක්ෂයක ඇප මුදලක් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔවුන් මුදා හැර තිබේ.
නඩුව, අගෝස්තු 28 යළි කැදවීමට නියමිතය.
අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාට දැනුම් දී තිබුණද, 09 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අදින් ඇරඹෙන නිසා, තමන්ට පැමිණීමට නොහැකි බව ඒ මහතා අධිකරණයට දැනුම් දී තිබුණි.