පාකිස්ථාන භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යයි

0
767
- Advertisement -

රික්ටර් මාපකයේ 5.8ක අගයක් පෙන්නුම් කළ පාකිස්ථාන – කාශ්මීරයේ මීර්පූර් නගරය ආසන්නයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 500 කට අධික බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

භූ චලනයෙන් මිය ගිය අය අතර දරුවන් ද සිටින අතර විපතට පත් වූවන් මුදා ගැනීමට සෙබළ කණ්ඩායම් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.