පාකිස්ථාන ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ලංකාවේ අපට හදපිරි සුබ පැතුම්.

0
79
- Advertisement -

2009 වසරේ දී පාකිස්ථානයේ සංචාරය කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත‍්‍රස්තප‍්‍රහාරයට පසුව, එදා සිට මේ දක්වා එකදු ටෙස්ට් තරගයක් හෝ පාකිස්ථානය තුළ පවත්වා නැත. ඉන් පසුව, පාකිස්ථාන කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන බොහෝ තරග පැවැත් වූ වේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ යි. කෙසේ වෙතත්, 2015 වසරේ සිට සිම්බාබ්වේ,බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇතුළු ඇතැම් කණ්ඩායම් එක් දින සහ විස්සයි විස්ස තරග සදහා පාකිස්ථානයට පැමිණ තිබේ.

බොහෝ ජ්‍යේෂ්ඨ ක‍්‍රීඩකයන් පාකිස්ථාන සංචාරය වර්ජනය කරද්දී, තරුණ පෙළක්,පාකිස්ථානයේ සංචාරය කොට, ජ්‍යේෂ්ඨයන්ට මෙතෙක් කළ නොහැකි වූ ආශ්චර්යයක් පාකිස්ථානය තුළ සිදු කළේ ය. ඒ පාකිස්ථානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජයග‍්‍රහණය කිරීමයි.

පාකිස්ථාන කණ්ඩායම ඊයේ තරගයේ දීත් ඊට පෙර තරගයේ දීත් පරාජයට පත් විය.නමුත් පාකිස්ථාන ක‍්‍රීඩා ලෝලීන් ලංකාවේ අපට ඔවුන්ගේ හදපිරි ස්තිතුය ප‍්‍රකාශ කර සිටින්නට තරම් නිහතමානී වී තිබුණි. ඒ බොහෝ කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කරන්නට අකැමැතිව සිටියදී ඔවුන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ගේ රටට ආ බැවිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + 10 =