පාකිස්ථානු,ඇෆ්ගනිස්තානු සරණාගතයින් පිරිසක් වවුනියාවට

0
681
- Advertisement -

පාකිස්ථාන විදේශ සරණාගතයින් පිරිසක් ඊයේ රාත්‍රීයේ වවුනියාව පුන්තෝට්ටම් කදවුර වෙත රැගෙනවිත් තිබෙනවා.

පාකිස්ථානුවන් 31, ඇෆ්ගනිස්තාන් 45, දෙනෙකු සහ ජර්මන් ජාතිකයෙකු ඒ අතර සිටි බව නිවුස් වාර්තාකරු පවසනවා.

මීට පෙරද සරණාගතයින් පිරිසක් මෙම කදවුර වෙත ගෙනැවිත් තිබුණා.

කෙසේ නමුත් වවුනියාව පුන්තොට්ටම් කදවුරු වෙත සරණාගතයින් රැගෙනවිත් දැමීමට එරෙහිව එහි ප‍්‍රාදේශීය දේශපාලනඥයින් සහ ආගමික නායකයන් සහ සිවිල් සංවිධාන කිහිපයකින් විරෝධය පළ කර බවට වාර්තා වනවා.

ඔවුන් මෙලෙස විරෝධයට පළ කර සිටියේ මෙම පිරිස් වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස ඉල්ලායි, වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයාටද ලිපියක් භාර දී ඇත මෙම සිදුවිම සම්බන්ධයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + five =