“පාකිස්තාන පිලේ ජයග‍්‍රහණය සැමරුවේ දේශද්‍රෝහීයෝ…! ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා.” උත්තර් ප‍්‍රදේශ මහ ඇමති චෝදනා කරයි.

0
128
- Advertisement -

පාකිස්තාන පිලේ ජයග‍්‍රහණය සැමරුවේ
දේශද්‍රෝහීයෝ…! ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා.
උත්තර් ප‍්‍රදේශ මහ ඇමති චෝදනා කරයි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යටතේ පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවති තරගෙයන් පාකිස්තානය විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත් කර ගත්තේ ය.

ඉන්දියානු භූමියේ සිට පාකිස්තානයේ එම ජයග‍්‍රහණය සැමරූවන් දේශද්‍රෝහීන් බව උත්තර් ප‍්‍රදේශ් මහ ඇමති යෝගී ආදිත්‍යනාත් පවසයි. එමෙන්ම එවැනි දේශද්‍රෝහීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවද ඔහු පවසයි.

ඉන්දියාව සහ පාකිස්තානය පැවති තරගයෙන් ජයගත් පාකිස්තාන කණ්ඩායමේ ජයග‍්‍රහණය සැමරූ කාශ්මීරයේ විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙක් මේ වන විටත් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම විශ්ව විද්‍යාල සිසුන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ භාරතීය ජනතා පක්ෂයේ ප‍්‍රාදේශීය නියෝජිතයන් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + 9 =